අනාගත ඉරානයේ පුරාතන උරුමය
Vox Rahula
භික්ෂුණී උපසම්පදාවට ලැබුණු නීතිමය පිළිගැනීම
ජෛවීය පුරා වස්තු වල විද්‍යාත්මක සත්‍යාපනය: ටියුරින් හි ශ්‍රී සළුව හා III වන රිචඩ් රජු
රටේ රජුන්ට වඩා – සිතේ රජෙක් වූ දලදා වහන්සේ
නීතියේ දෙවඟන සන්නද්ධ කිරීම : අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත
දූෂණ මර්දනය සඳහා ලංකාවේ යුක්තියේ දෙවඟනට තිබුණේ පලිහක් පමණි එයද එහෙන් මෙහෙන් පූට්ටු කරන ලද ලෝහ තහඩු වලින් සමන්විත, සිදුරු විසිදුරු වුණු නමුත් පලිහක් යැයි කිව හැකි වූ ආවරණයකි. නමුත් මෙවර ඇගේ හස්තයට නවතම පලිහක් මෙන්ම අසිපතක්ද ලබාදී ඇත. ඒ පසුගියදා සම්මත වූ 2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ (තවම කෙටුම්පතකි ) පනත හරහාය. මෙවන් පනතක අවශ්‍යතාවය මෙරට පරමාධිපත්‍ය හිමි ජනතාව කෙරෙන්ම කාන්දු වූ අදහසක් බව කිවමනාය. 2022 ජන අරගල සමයේ ප්‍රධානම ජනතාභිලාෂය වූයේ රාජ්‍ය දේපල කොල්ලකෑ බව කියන පුද්ගලයන්ට නිසි දඬුවම් පැමිණවීම හා එම දේපල නැවත ජනසතු කිරීමයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කරනු ලැබූ මාර්ගෝපදේශ හරහාද මෙවන් ප්නතක් බිහිවීමට උත්ප්‍රේරණය සැපයීය.
මේ සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේතුවේ සිදුවූ
සංවාද මගින්ද වර්තමාන ව්‍යවස්ථාදායකයට ජනතාවගේ ඉල්ලීමට ප්‍රතිචාර ලබාදීමට ඇති උද්‍යෝගයත්
හොරා ලෙස හංවඩු ගැසී ඒකාකෘතිගත(Stereotyped) දේශපාලකයා නම්
චරිතය මින් ඉදිරියට හෝ එම ආකෘතියෙන් මුදා ගැනීමට ඇති අවශ්‍යතාවයත් පැහැදිළි විය.
මෙම පනත සමග හැන්සාඩ් ගතවන එම සංවාද මගින්ද ඉදිරියේදි ගරු අධිකරණයෙන් ලැබීමට
නියමිත නඩු තීන්දු වලින් යුක්තියේ දෙවගනගේ හස්තගත කරනලද අසිපත තව තවත් මුවහත්
කිරීමට ගිණිගලක් සපයනු ඇතැයි විශ්වාස කළ හැකිය.
මෙම පනතේ ආරම්භයේදීම
අපරාධයකින් උත්පාදිත දේ හඳුනාගැනීමට , තහනම් කිරීමට , රාජසන්තක
කිරීමට හා වින්දිතයන්ට පවරාදීමට පෙර පැවති නෛතික ප්‍රතිපාදන හඳුනවාදෙමින් ඒ සඳහා
ඌණපූරනයක් වශයෙන් මෙම පනත ගෙන එන බව පැහැදිළි කර තිබේ. පොදුරාජ්‍ය මණ්ඩලයේ එක්සත්
රාජධානිය හා ඕස්ට්‍රේලියාව යන රට්වල අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් ගෙන එනු
ලැබූයේ 2002 වසරේදීය. එනිසා මෙම පනතේ විභව්‍යතාවය මැන බැලීමට
එම රටවල පසුගිය දශක දෙක තුළ ලබාදී ඇති නඩු තීන්දු විමර්ශණය කිරීම නීතීඥයන්ට භාර වී
ඇත.
මෙම පනතේ ශක්තිය පෙන්නුම් කරන විශේෂ ප්‍රතිපාදනයක් ලෙස මෙහි අධිකරණයක් මගින් වරදකරු වීමෙන් තොරව 71 වගන්තිය යටතේ තහනම් කිරීමටත් 72 වගන්තිය යටතේ තහනමට ගැනීමටත් පැවරී ඇති බලය පෙන්වා දිය හැකිය.
"72 (1) තහනම් නියෝගයකට හෝ සංරක්ෂණ නියෝගයකට යටත් යම්
දේකට, පළක් ඇතුළුව අපරාධයකින් උත්පාදිත දෙයක් බවට
විශ්වාස කිරීමට තමාට සාධාරණ හේතු ඇති දේ හෝ අපරාධයකින් උත්පාදිත දෙයක් හෝ හඳුනාගත
නොහැකි හෝ නොපවතින අවස්ථාවක, අපරාධයකින් උත්පාදිත දෙයක් බවට විශ්වාස කිරීමට
තමාට සාධාරණ හේතු ඇති දේ හෝ එකී අපරාධයකින් උත්පාදිත දෙයක් හි වටිනාකමට අනුරූපී
දේපළක් විමර්ශන නිලධාරියකු විසින් තහනමට ගනු ලැබිය හැකි ය. "
එසේම පනතේ 75 වගන්තිය යටතේ
පහසුවෙන්ම මහාධිකරණය හරහා අදාළ සැකකටයුතු දේපළ ක්‍රියාවිරහිත කිරීමට ප්‍රතිපාදන
සලසා තිබේ.
තවද මෙම පනතේ 34 වන වගන්තිය ප්‍රකාරව
තවදුරටත් නිර්දෝශීභාවයේ පූර්ව නිගමනය තුළ අපරාධයකින් උත්පාදිත දේ සැඟවීමට ඇති
අවසරය සුන්නද්දූලි කර ඇත.
"මීට ප්‍රතිවිරුද්ධ තත්ත්වය ඔප්පු කරන තත්, ඒ
දේපළ ඍජුවම හෝ වක්‍රව යම් නීතිවිරෝධී ක්‍රියාකාරකමකින් උත්පාදිත දෙයක් හෝ යම්
නීතිවිරෝධී ක්‍රියාකාරකමකින් උත්පාදිත දෙයක් භාවිත කරමින් සපයා ගන්නා ලද හෝ යම්
නීතිවිරෝධී ක්‍රියාකාරකමකින් ව්‍යුත්පන්න වී හෝ උපලබ්ධ වී ඇති බවට (2) වන උපවගන්තියේ කාර්ය සඳහා පූර්ව නිගමනය කිරීම
නීත්‍යයනුකූල විය යුතු ය. "
කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 13(5 ) සහ 13 (6) වන වගන්ති වලින්
තහවුරු කර ඇති පුද්ගල නිර්දෝශීභාවයේ පූර්වානුමානය සහ පසුව පනවන දණ්ඩනයන් අතීතයට බල
නොපෑම මෙම පනත හරහාද තහවුරු කිරීමට ව්‍යවස්ථාදායකයන් කටයුතු කර ඇත. Nullum Crimen Sine Lege යන නීති ආප්තය අනුව යමින් මේ හරහා පුද්ගලයාට
දඬුවම් පැමිණවිය හැක්කේ පනත සම්මත වූ පසුව සංයුක්ත වන වැරදි වලට පමණි. නමුත් දේපල
වලට එය අදාල නොවේ. මෙම පනතේ 15 වන වගන්තිය මගින් අපරාධයකින් උත්පාදිත දේපළ
සම්බන්ධයෙන් පරිහරණය , සැඟවීම හා සාක්ෂි
විනාශ කිරීම වැනි වැරදි වලට රුපියල් කෝටියක් දක්වා දඩ සහ වසර පහළොවක් දක්වා සිර
දඬුවම් නියම කරයි. කෙසේ වුවත් සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය හා නීතියේ ආධිපත්‍යය
සුරක්ෂිත කිරීම පිණිස මේ සම්බන්ධව නීති වෘත්තිකයන්ගේ සේවාදායක වරප්‍රසාදය ආරක්ෂා
කිරීමට අදාල විධිවිධාන සලස්වා ඇත.
"4(2) වරද මෙය පනත ක්‍රියාත්මක වීමෙන් පසුව සිදු කරන
ලද්දේ නම්, මිස, මේ පනත යටතේ යම්
වරදක් සිදු කරනු ලබන කිසිදු තැනැත්තෙකුට දඬුවම් කරනු නොලැබිය යුතුය. එසේ වුවද, මේ
පනත ක්‍රියාත්මක වන අවස්ථාවේදී, මේ පනත යටතේ වූ වරදක් සංයුක්ත වන ක්‍රියාවක්
අඛණ්ඩව සිදු කරන අවස්ථාවේදී, මේ පනත යටතේ අදාළ වරද සිදු කර ඇති ලෙස, එම
වරදකරු සම්බන්ධයෙන් කටයුතු කිරීම සිදු කළ යුතු වේ."
මෙම පනත හරහා අදාල දේපල ශ්‍රී ලංකාවෙන් පිට ඇති
විට , සයිබර් අවකාශයේ අතථ්‍යව පවතින අවස්ථාවන්හිදී හා ඒවා
අස්පර්ෂනීය වන විටද ඒ සම්බන්ධව ක්‍රියා කිරීමේ බලතල පවරා තිබීම විශේෂත්වයකි. (41
වගන්තිය )
මෙම පනතේ සුවිශේෂීම අංගය
ලෙස අපරාධයකින් උත්පාදිත දේ කලමනාකරණය කිරීම සඳහා 96 වගන්තිය යටතේ පිහිටුවනු
ලබන අධිකාරිය හඳුන්වාදිය හැකිය. මෙම ස්වාධීන අධිකාරියේ කාර්යභාරය වන්නේ අපරාධයකින්
උත්පාදිත දේපළ ප්‍රතිග්‍රහණය කර ආරක්ෂා කිරීම , සංරක්ෂණය කිරීම හා
කලමනාකරණය කිරීමයි. ඒ සඳහා විශේෂයෙන් තෝරාගනු ලබන අධ්‍යක්ෂමණ්ඩලයකින් හා
සභාපතිවරයෙකුගෙන් අධිකාරිය සමන්විත වන අතර ඔවුන්ගේ ධූරකාල හා ධූරයන් හිස් කිරීම
සම්බන්ධව පණවා ඇති ප්‍රතිපාදන වලින් අධිකාරියේ විශ්වසනීය භාවය හා පාරදෘශ්‍යභාවය
වර්ධනය කරයි.
සාධාර්ණත්ව නීතියේ අග්‍රඵලය ලෙස හඳුන්වනු ලබන භාර
සංකල්පය මෙම පනත තුළට අනුයෝජනය කරමින් මෙහි 132 වගන්තිය මගින් අපරාාධයක
වින්දිතයන් හාානිපූරණය කිරීමේ භාර අරමුදලක්
පිහිටුවනු ලබයි. ඒකාබද්ධ අරමුදලේ කොටසක් වන මෙම භාර අරමුදලට දේපල කලමනාකරණ
අධිකාරිය , පාර්ලිමේන්තුව හා විදේශ අධිකාරීන් මගින් මුදල් ප්‍රේෂණය
කිරීමට විධිවිධාන සලස්වා ඇත. භාර අරමුදල මගින්
අපරාධයට අදාල වින්දිතයන් ප්‍රභේදය අධිකරණය විසින් නියම කරනු ලැබූ විට ඔවුන්ගේ ප්‍රතිලාභය
උදෙසා හානිපූර්ණ , සංවර්ධන හා සුභසාධන ක්‍රියාකාරකම් සකස්කිරීමත්
එලෙස ප්‍රභේදයක් නියම නොකරන ලද විට පොදු මහජන සුභසිද්ධිය උදෙසා සංවර්ධන කටයුතු
හඳුනාගැනීමත් සිදු කළ යුතුය.
අනාගත ඉරානයේ පුරාතන උරුමය ඉරානයේ රෙජීම් වෙනසක් නොවන්නේ මන්දැයි ඇමරිකානු ජනාධිපතිවරයා ප් රසිද්ධියේ ප් රශ්න කරන පසුබිමක ඇමරිකා එක්සත් ජන...






